විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සියළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම අනුව සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව සඳහන්.

ඉල්ලා අස්වීමේ ලිපි ද ඊයේ පස්වරුව වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර තිබේ.

වාර්ෂික විශ්වවිද්‍යාල කොමිෂන් සභාව 2020 වසරේ පත්කෙරුණු අතර එහි නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ මාර්තු මාසයේයි.

කාලීන පුවත්