විස පළිබෝධ නාශක රට පුරා; පනත කඩිනමින් සංශෝධනයට

විස පළිබෝධ නාශක රට පුරා; පනත කඩිනමින් සංශෝධනයට රට තුළ ව්‍යාජ හා ප‍්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරම් දිනෙන් දින ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වෙයි.මිනිසුන්ට සත්ව ශාක ඇතුළු සමස්ත පරිසර පද්ධතියට බරපතල හානි පමුණුවන විස රසායනික සහිත මෙම පළිබෝධ නාශක භාවිතය මේ වන විට අප රටේ කෘෂිකාර්මික කලාප වල සාමාන්‍ය තත්වයක් බවට පත් ව ඇති බව ද පැවසෙයි.මේ තත්වය යටතේ දැනට පවතින නීති යටතේ ප‍්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංඝනය කරමින් මෙරටට ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක සම්බන්ධව අය කරන දඩ මුදල හා සිර දඬුවම් ප‍්‍රමාණවත් බලපෑමක් එම ජාවාරම්කරුවන්ට එල්ල නොවන බැවින් පලිබෝධ නාශක පාලන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.ඒ අනුව එම ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 15 ක දඩ මුදලක් හා අවූරුදු තුනක සිර දඩුවම් හෝ ඒ දෙකම ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට යෝජිත ය.
.

කාලීන පුවත්