වී කිලෝවකට රුපියල් 120ක් ඕනෑ

ආණ්ඩුවේ වැඩ පිළිවෙල මත කාබනික පොහොර භාවිතය නිසා සියයට 40ක් 50ක ප්‍රමාණයකින් වී අස්වැන්න අඩු වී ඇති බැවින් වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා කියයයි.එමෙන්ම වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස් දුන් ආණ්ඩුව දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ප‍්‍රශ්න කරන බව ඒ මහතා ඇසීය.ඒ පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

කාලීන පුවත්