වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 250 ක්

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250 ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11 වී මිළදී ගැනීම මේ වනවිට සිදුකරන බවයි.ඒ සඳහා ගබඩා 39 ක් විවෘතව පවතින බව ද ඔහු සඳහන් කළේ ය. වී මිලදී ගැනීම ආරම්භ කිරීම පිණිස මේ වන විට රුපියල් මිලියන 250ක් මීට පෙර ලබා දුන් අතර, එම මුදල් මේ වනවිට අවසන් වී තිබේ. සභාපතිවරයා සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය මේ වන විටත් වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 27 ක් මිලදී ගෙන ඇති බවයි.

කාලීන පුවත්