වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලයෙන් සතොසට

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පාලනය වන වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකු මඟින් ප්‍රමාණවත් තරම් මුදල් නොලැබීම හේතුවෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙක් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස වෙළඳ අමාත්‍යංශය යටතේ පාලනය වන සතොස හරහා වී මිලදී ගෙන අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැ ඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.වර්තමාන කෘෂිකර්ම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් දියත් කර ඇති කෘෂි සංවර්ධන වැඩ සටහන් වලට රජය තුළින්ම අනේක විධ බාධා පැමිණෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇති අතර එසේ බාධා පමුණුවන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු සිටින අතර ඔහු කවුරුන් ද යන්න නම් වශයෙන්ම පවසන බව මහින්ද අමරවීර අමාත්‍ය වරයා ද පවසා තිබිණ.

කාලීන පුවත්