වී වගාව සම්බන්ධයෙන් ගොවියාට දැරීමට සිදුවන වියහියදම් පිළිබඳව සලකන විට වී මිල රුපියල් එකසිය විස්සේ සීමාව ඉක්මවිය යුතු බවත් ඉදිරියේ දී පෞද්ගලික අංශය ඊට වැඩි මිලට වී මිල දී ගැනීම ඇරඹූ පසු ආණ්ඩුවට කර කියා ගැනීමට දෙයක් නැති වන බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(25) කෘෂිකර්ම ඇමති වරයා සහ සහල් නිෂ්පාදකයන් අතර පැවැති රැස්වීමක් අතරතුර නැඟිට යන අතරේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.එහි දී “ඔබ තුමන් ලා වී මිල වැඩි කරනවාද? කීයකින්ද?” යනුවෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට ඩඩ්ලි සිරිසේන මහතා දුන් පිළිතුර වූයේ “කරලා බලන්න ඕනෙ.කියන්නේ නැහැ” යන්න පමණි.නමුත් ඒ සමබන්ධයෙන් ගොවීන් පවසනුයේ වී අලෙවි මණ්ඩලයට වී ලබා දීමේ දී සහ මුදල් ලබා ගැනීමේ දී ඇති වන ප්‍රායෝගික අපහසුතා මත පෞද්ගලික වෙළඳුන් වී කිලෝවකට රුපියල් පහක වැඩි මිලක් ගෙවූවද ගොවීන් ඔවුන් වෙත තම වී තොග අලෙවි කරන බවකි.නමුදු එම මිල යටතේ වත් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමට පෞද්ගලික ව්‍යාපාරිකයන් ඉදිරිපත් ව නැතැයි ද ගොවීහු කියති.