මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයට රැගෙනවිත් සිටියදී සිවිල් ආරක්ෂක භටයකු ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ‘සීතා’ ඇතින්නගේ උදර ප්‍රදේශය ඉදිමීමට ලක්වෙමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා මහාචාර්ය අශෝක දංගල්ල මහතා පැවසීය.මේ වනවිට ඇතින්න නිදාගැනීමකින් තොරව සිටින බවත් ශරීරය තුළ පවතින යකඩ කැබලි 04 න් කිහිපයක් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම කීය. මේ සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ද මහාචාර්ය වරයා කීය.සීතා ඇතින්නගේ ශරීරය තුළ තිබූ යකඩ කැබලි 03 ක් මේ වනවිටත් සැත්කමක් මඟින් ඉවත්කර ඇති මුත්, ස්කෑන් පරීක්‍ෂාවේදී තවත් යකඩ වැනි කැබලි 04 ක් පමණ ශරීරයේ පවතින බවට හඳුනාගෙන ඇති බවත් මහාචාර්ය අශෝක දංගල්ල මහතා කීය.සීතා ඇතින්න මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයට රැගෙනවිත් ගඟ අසල ගසක බැඳ සිටියදී සිවිල් ආරක්ෂක භටයකු විසින් වන අලියකු යැයි රැවටී ඇතින්නට වෙඩි තබා ඇති බවට වාර්තා විය.