වෙන්කළ දුම්රිය ආසන ගාස්තුව 30%කින් ඉහළට

දුර සේවා දුම්රිය වල වෙන්කළ ආසන ගාස්තුව පමණක් ජූනි මස 1 වනදා සිට 30%කින් වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.නමුත් සාමාන්‍ය දුම්රිය ගාස්තුව, පාර්සල් ගාස්තුව හා අනෙකුත් දුම්රිය ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බව දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා සඳහන් කරයි.

කාලීන පුවත්