වෙන්නප්පුවේ සිට කල්පිටිය දක්වා වෙරළ කළු වේ

වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තිරයේ කළු පැහැති තාරවලට සමාන යම්කිසි අපද්‍රව්‍යයක් ගොඩ ගසා ඇතැයි ධීවරයෝ චෝදනා කරති.

මෙම කළු පැහැති තාරවලට සමාන අපද්‍රව්‍ය දින කිපයක සිට වෙරළ තිරයට සුළු වශයෙන් ගොඩ ගසා තිබු අයුරු දැක ගත හැකි වු නමුත් එය විශාල ලෙස වැඩි වි සම්පුර්ණ වෙරළ තිරය පුරාම කළු පාට වී දැක ගත හැකි බව ධීවරයෝ පවසති.

ඒවා වැලි සමග මිශ්‍ර විමත් සමග වෙරළ තිරයම අපවිත්‍ර වී ඇත.

කාලීන පුවත්