වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන දිවයින පුරා පිහිටි සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දෙදින දක්වා වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කය තුළ මැයි 21 සහ 22 යන දෙදින මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් වසා තැබීමට දැනුම්දී තිබෙන බව සඳහන්.
මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.