වෙළඳපොළේ එළවලු මිල ඉහළට

වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබේ.

ගොවීන් පවසන්නේ මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් බවයි.

එළවලු ගොවීන් විසින් වෙළෙඳපොළට මෙන්ම තඹුත්තේගම , කැප්පෙටිපොළ , නාරහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට යොමු කරන මිල ගණන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන හා වෙළෙඳුන්ගේ එළවලු මිල ගණන් අතර පරතරයක් දක්නට ලැබේ.

ඒ අනූව රුපියල් 600ට වෙළෙඳපොළේ අලෙවි වන බෝංචි කිලෝවක් ගොවියාගෙන් මිල දී ගෙන තිබුණේ රුපියල් 300ක් වැනි අඩු මිලකටයි.

එමෙන්ම ගොවීන්ගෙන් රුපියල් 500කට මිලට ගන්නා තක්කාලි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 1200කටයි.

අමු මිරිස් කිලෝවක් වෙළෙඳපොළේ රුපියල් 1400ට අලෙවි වන අතර, ගොවීන්ගෙන් ඒවා මිල දී ගැනෙන්නේ කිලෝවක් රුපියල් 600කට ආසන්න මිලකටයි.

කාලීන පුවත්