මේ දෙකෙහි ඇති වෙනස පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇතැයි සිතමු. අප මේ කතා කරන්නේ නිදන්ගත වේදනාව සුව කළ හැකි ක්‍රම පිළිබඳවයි.
මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තිබේ. එය ඖෂධ සහ ඖෂධ නොවන ප්‍රතිකාර ලෙස දක්වන්නට පුළුවන. ඖෂධ නොවන ප්‍රතිකාර අතරට භෞත චිකිත්සක ප්‍රතිකාර විධි, ව්‍යායාම, භාවනාව සහ සැත්කම් ආදිය අයත් වේ. මෙහිදී සාකච්ඡා කරන්නේ මෙම ඖෂධ නොවන මැදිහත්වීම් පිළිබඳව ය.
ඖෂධ නොවන මැදිහත් වීම්
බොහෝ නිදන්ගත වේදනා, ඖෂධ ප්‍රතිකාර සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින්ද සුව නොවිය හැකිය. එවැනි අවස්ථාවල දී යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මෙසේය. ඇතැම් විට එම වේදනාව පහ කරන එකම ක්රමයද මෙය විය හැකිය.
මේවා රෝගීන් බලන විටම කළ හැකි සරල දේවල්ය. රෝගියා පරීක්ෂා කරනු ලබන ස්ථානයේදීම කළ හැකි අතර සංකීර්ණ ප්‍රතිකාර විධිවලදී පමණක් ශල්‍යාගාරවලට ගැනීම සිදුවේ.
මෙහිදී ඉන්ජෙක්ෂන් කටු යොදාගෙන වේදනා උත්පාදනය කරන ස්ථානය කරා යම් යම් දේවල් ප්රක්ෂේපනය කිරීම සිදුවෙයි. මෙය කරනු ලබන්නේ එක්ස්රේ හෝ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රයක් දෙස බලාගෙන ය. එවිට කටුව තිබෙන ස්ථානය පෙනෙන අතර වේදනාව තිබෙන පටකය හරියටම වෛද්‍යවරයාට කටුව තබා බලමින් හඳුනාගත හැකිය. ඉන්පසු එම ස්ථානයට බෙහෙත් විදීම සිදු කෙරේ.
සාමාන්‍යයෙන් ඖෂධයක් මුඛ මාර්ගයෙන් ගන්නා විට එය රුධිරය සමඟ මුළු ශරීරය පුරාම ගමන් කරන නිසා අවශ්‍ය ස්ථානයට ලැබෙන්නේ ඖෂධ සුළු ප්රමාණයකි. නමුත් මේ ක්‍රමයට වේදනාව තිබෙන ස්ථානයටම ඍජුවම ඖෂධ ලැබෙන නිසා බොන බෙහෙත්වලට වඩා ඉක්මනින් වේදනාව සුව වනු ඇත. බොන බෙහෙත් නැතිව මුලින්ම මෙම ප්‍රතිකාර කර වේදනාව සුව කිරීමට හැකියාව තිබේ.
ඉදිකටුව විදිනු ලබන ක්‍රම කිහිපයක් ඇත.
ඉදිකටුව ගැසීම
එනම් ඉදිකටුව පමණක් ගැසීමේ ක්‍රමයයි. මෙහිදී ඖෂධ භාවිතා කරන්නේ නැත. ඉදිකටුව අදාළ ස්ථානයට ගැසූ විට මාංශ පේශි ඉහිල් වෙයි. මෙය චීන කටු චිකිත්සාවට බොහෝ දුරට සමාන ය.
නිදන්ගත කොඳු ඇට පෙළේ අමාරු සඳහා මෙය ඉතාමත් ප්රත්යක්ෂ ක්‍රමයක් වන අතර බෙහෙත් විදීමක් නැති නිසා සිදුරක් සහිත ඉදිකටු අවශ්‍ය නැත.
නික්ෂේපණ ඖෂධ මගින් සිදු කිරීම
වේදනාවේ ස්වභාවයට අනුව ඊට අවශ්‍ය කුමක්ද යන්න තීරණය කෙරේ. සුලභවම ගන්නේ නිර්වින්දන ඖෂධ හෙවත් අදාළ ස්ථානය හිරිවට්ටනු ලබන ඖෂධ වර්ගයන්ය.
වායු ගෝලයේ ඕසෝන් විදීම තවත් ප්‍රතිකාරයකි. කොඳුඇට පෙළේ කශේරුකා අතර තැටි (disk) වලට සහ සන්ධිවලට ඕසෝන් විදීමේ හැකියාව ඇත. මේ ක්‍රමය ටූලෝ ( toolo) නමින්ද හැඳින්වෙයි. ගෙවුණු පටක ආපසු සකස්වීම සඳහා මේ ක්‍රමය යොදාගත හැකිය. ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ටූලෝ ක්‍රමය ප්රත්යක්ෂ ප්‍රතිකාරයකි.
ඔස්ටියෝපොරෝසිස් රෝගයේදී අස්ථි බිඳීම සිදුවෙයි. කොඳු ඇට පෙළේ අස්ථියක් බිඳුණු විට born cement ක්‍රමය යොදා ගැනීමෙන් කැඩුණු අස්ථිය සවිකර ගත හැකි අතර කැක්කුමද අඩුවෙයි. මේ අනුව එක් එක් පටකවලට දෙනු ලබන ඖෂධ විධි වෙනස් ඔබට පැහැදිලි ඇතැයි සිතමු.
උෂ්ණත්වය සහ සිසිල් ගැන්වීම මගින් සිදු කිරීම
ඉදිකටුව රත් කරන හෝ සිසිල් කරන යන්ත්‍ර තිබේ. එමගින් ස්නායු සිසිල් කිරීම හෝ උණුසුම් කළ හැකිය. එවිට නිදන්ගත වේදනාව ඇති කරනු ලබන ස්නායුව වෙනස් වී එහි කැක්කුම පහවී යයි. එක වතාවක් විදීමෙන් වසරකට පමණ සෑහෙනු ඇත. කොඳු නාරටියේ පළුදුවීම්වලට ද භාවිතා කළ හැකිය.
ස්නායු උත්තේජනය මගින් සිදුකිරීම
කැක්කුම ඇති ස්ථානයට බාම් එකක් ගෑවිට දැවිල්ල නිසා කැක්කුම නැති වී යයි. මෙය විදුලි තරංග මගිනුත් කළ හැකිය. එසේම කෘත්රීමව වේදනාව යටපත් කරන ස්නායු උද්දීපනය කරනු ලබන උපකරණ මගින්ද කළ හැකි වේ. පටක ඇතුලට මෙම උපකරණයක් දැමීම තුළින් එය වසර 4 – 5 ක් පමණ ක්‍රියාකාරීව පවතී. මෙය ඇතැම් හෘද රෝගීන් සඳහා සවිකරනු ලබන ෆේස් මේකරය වැනි උපකරණයකි.
ඇතැමුන් සිතන්නේ මුලින් ඖෂධවලින් සුව කරන්නට උත්සාහ කර එසේ නොහැකි වූ වේදනාවන්ට මේ ක්‍රම භාවිතා කළ යුතු බව ය. නමුත් ඖෂධ ප්‍රතිකාර ගැනීමට පෙර පළමු අවස්ථාව ලෙස නිදන්ගත වේදනාව සඳහා මෙම ප්‍රතිකාර භාවිතයට ගැනීම උචිත වේ. හේතුව වේදනාවට වඩාත් සරිලන ප්රතිකර්මය මෙමගින් යොදාගත හැකි වීමය.
කායික රෝග හා නිදන්ගත වේදනා විශේෂඥ වෛද්‍ය රෝහිත ජයමහ
ඉන්දු පෙරේරා