වෛද්‍ය රාමනාදන් අර්චූන සීඅයිඩියට

වෛද්‍ය රාමනාදන් අර්චූන සීඅයිඩියට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ස්වාධීන අපේක්ෂකයෙකු වූ මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චූන මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.ඒ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ජාතිවාදය අවුස්සමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව පැමිණිල්ල ගොනු කර ලද පැමිණිල්ලකට අනුව ඔහු ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ය.ඒ අතර රජයේ වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීම හේතුවෙන් මෙම මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව ඇති බව දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කර ඇත.මෙරට පවත්නා නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හැකියාව නැත.

.

කාලීන පුවත්