රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට එරෙහිව දී මොරටුව දිසා අධිකරණය විසින් දෙවන වාරණ නියෝගයක් ද නිකුත් කර තිබේ .
වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා විසින් මෙම දෙවන නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාරව එම සංගමයේ කටයුතු පාලනය කිරීම සඳහා අතුරු පාලන කමිටුවක් පත් කරන ලෙස එක් වාරණ නියෝගයක් කළ අධිකරණය දෙවන වාරණ නියෝගයක් මඟින් ප්‍රකාශ කර සිටියේ අදාල අතුරු කමිටුව පත් කිරීම සඳහා සංගමයේ මහා සභා රැස්වීමක් කැඳවිය යුතු බවත්, ඊට කිසිදු බාධාවක් එල්ල නොකළ යුතු බවත්ය.
නිලවරණය නොපත්වා බලහත්කාරී ලෙස දිගින් දිගටම වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය අදාල තනතුරුවල සිටින බව පවසමින් වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනු කළ පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ දින 14 ක කාලයක් සඳහා මෙම වාරණ නියෝග බලපැවැත්වෙන බවයි.