මාස 6කට වැඩි කලක් ඉරිදාවන්හි පමණක් ක්‍රියාත්මක වූ ‘සීතාවක ඔඩිසි‘ සංචාරක දුම්රියෙහි සාර්ථකත්වය මත මෙය සෙනසුරාදාවන්හි ද ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව එම දුම්රිය හෙට (5) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගනිමින් වඩාත් ඵලදායකත්වයකින් හා කාර්යක්ෂම සේවාවක් සපයමින් ඓතිහාසික වටිනාකමකින් යුත් සීතාවක පුරවරය සංචාරක කලාපයක් බවට පත් කිරීමෙන් අනතුරුව එහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳ මුලික අවධානය යොමු කළ බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. පළාත තුළ සංචාරක සේවා සපයන්නන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව මෙන්ම අවිධිමත් සංචාරක සේවාව විධිමත් කිරීම ද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරන අතර, බස්නාහිර පළාත තුළ සංචාරකයින් රඳවා ගැනීම යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කරයි. ඉතා කෙටි වෙලාවකින් ගමන් කළහැකි රමණිය භුමි ප්‍රදේශයක් වන සීතාවක සංචාරක කලාපයෙහි එක් දින සංචාරයක් ලෙස ලෙස ක්‍රියාත්මක වූ මේ වැඩසටහන රාත්‍රියක් ගත කළ හැකි පූර්ණ සංචාරයක් බවට පරිවර්තනය කිරීම මෙලෙස සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා යන දෙදිනම මේ දුම්රිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.‘ශනිදා සීතාවක ඔඩිසි‘ සංචාරක දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 8.25ට ගමන් ආරම්භ කරන අතර, එය පව. 6.50ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ බලා ගමන් ආරම්භ කරයි.