කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතායි පත් කර තිබේ.ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ද කටයුතු කර ඇත.රාජපක්ෂ පවුල් දේශපාලනය සම්බන්ධයෙන් මේ වන විට පැන නැඟී ඇති ජනතා විරෝධය මුල් කොට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හට ඇමති ධුර ලබා නොදීමට මේ වන විට තීරණය වී තිබේ.