ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයේ ප්‍රථම ජනහමුව ලබන ජූනි මස 8දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර දේශපාලන පක්ෂ නියෝජනය කරන ප්රගතිශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එම රැළියට සහභාගී වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.