ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල්වීම තහනම්

ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අදාලව සිදු කෙරෙන විමර්ශන අවසන් කරන තෙක් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීම පොලීසිය විසින් තහනම් කර තිබේ.නමුත් ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට තමන් විසින් මරදාන පොලීසිය හමුවේ පැමිණිලි කිරීමෙන් පසුවද බාහිර පුද්ගලයන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රය වෙත පැමිණ ඇති බව එම පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.

කාලීන පුවත්