ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිවේදනයක්

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය කරන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකවන බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් පවත්වාගෙන ‍යන බවද එම නිවේදනයෙන් සහතික වී තිබේ.

දැනට දිවයින තුළ රැඳී සිටින සියළුම විදේශිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහතික වී ඇති බවද එම නිවේදනයේ සඳහන්.

කාලීන පුවත්