“ශ්රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි”.හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රකාශ කරයි ඒ අදට (26) යෙදී ඇති ශ්රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්රාමාත්ය, දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුවට එක් වෙමිනි. හොරගොල්ල බණ්ඩානායක සමාධිය අසල දී එය පැවත්විණි.”හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරූ කාලයේ එක වතාවයි බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ. කවදාවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුවක් පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි. නමුත් හිටපු ජනපති අද එන්න ඉඩ තියනවා මොකද හැම තැනින්ම පන්නලා ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා.” යැයිද හිටපු ජනාධිපතිනිය ප්රකාශ කළා ය.