ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය තිහක ලෝක බැංකු ආධාර

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන් සඳහා වන ආධාර වශයෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන එක සිය හැටෙන් මිලියන එකසිය තිහක මුදලක් මේ වන විට ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා කියයි.මහ බැංකුව වෙත ලැබී ඇති එම මුදල රුපියල් වශයෙන් රජයට ලබා දෙන අතර රජය ඒවා අඩු ආදායම් ලාභීන් ගේ ගිනුම් වලට බැර කරනු ඇති බව ද මහ බැංකු අධිපති වරයා කියයි.ඔහු වැඩි දුරටත් පවසන්නේ ලෝක බැංකු ව්‍යාපෘති සඳහා වෙන් කොට ඇති මුදල් වලින් ඩොලර් මිලියන හය සීයක මුදලක් හදිසි අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක බැංකුව එකඟත්වය පළ කොට ඇති බව ය.

කාලීන පුවත්