ශ්‍රී ලංකාවේ නීතිය 2023දී පාසල් විෂය නිර්දේශයට

ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු අනුකමිටුව ජාතික අධ්‍යාපන ආයතනය එක්ව කටයුතු කළ බවත් නීතිය පාසල් විෂය මාලාවට ඇතුලත් කිරීමට එහිදී එකග වී ඇත.

5 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි අධ්‍යාපනය විෂය නිර්දේශයට එහි කොටස් ඇතුලත් කෙරෙනු ඇත.

කාලීන පුවත්