ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සතුටු දර්ශකයේ(World happiest index ) ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.එම දර්ශකයේ 127 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව එහි ඉදිරියට පැමිණ ඇත්තේ 112 වන ස්ථානය ලබා ගනිමිනි.ලොව රටවල ජනතාවගේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගීතාව, ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය ආදී සාධක මත මෙම දර්ශකයේ අගය තීරණය වන අතර සතුටු දර්ශකයේ පළමු ස්ථානයේ පසු වන්නේ ෆින්ලන්තයයි.එම දර්ශකයේ දෙවන ස්ථානය ඩෙන්මාර්කයත් තෙවන ස්ථානය අයිස්ලන්තයත් හිමිකරගෙන තිබේ.රටවල් 137කින් යුතු මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.මේ අතර ඉදිරියේ එළඹෙන සිංහල අළුත් අවුරුදු සමයේ පසුගිය වසර කිහිපයට සාපේක්ෂව යම් සහනශීලී බවක් අත් කර ගත හැකි වන අතර ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සේම ඉන්ධන මිලේ ද යම් අඩුවක් දැකිය හැකි වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.