ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනක රත්නායක නෙරපන්න ඡන්දය දෙනවා

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන අතර ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා ලබන 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. මේ අතර ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.ඔහු පැවසුවේ අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටි ජනක රත්නායක වෙනුවෙන් ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවයි.ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල යෝජනාව ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

කාලීන පුවත්