ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපති ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසයි.එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව පවසන දකුණු කොරියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනුයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කරන අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන කැපවීම ද පැසසුමට ලක් කරන බව ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දී ඊයේ (18) පැවැති නිල හමුව නිමා වීමෙන් පසුව කොරියානු ජනාධිපති වරයා මේ බව කීය.

කාලීන පුවත්