සජිත් හා ගැටෙන සජබ දෙදෙනකුට හා තවත් පිරිසකට රනිල් ගෙන් කැබිනට් ඇමතිකම්

මේ වන විට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ මතවාදී ගැටුම් ඇති කරගෙන හිඳින එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.ඒ අතර ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත අතර පොදුජන පෙරමුණෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රී වරුනට ඇමතිකම් ලැබීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකටද ඇමති ධුර ලැබෙනු ඇත.ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකි ය.

කාලීන පුවත්