සන්ධානගත පක්ෂ වල ඉල්ලීම් නිසා මෝදි අමාරුවක?

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හා සන්ධානගත පක්ෂ කණ්ඩායම් නව ආණ්ඩුවේ කැබිනට් ඇමති තනතුරු දහයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ.එහිදී තෙලිඟු දේශාම් පක්ෂය එනම් චන්ද්‍රබාබු නායිඳුගේ පක්ෂය ලෝක් සභාවේ කථානායක තනතුර ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එසේම ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ තත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර කැබිනට් ඇමති තනතුරු 05ක් ඉල්ලා තිබේ. බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂය කැබිනට් ඇමති තනතුරු තුනක් ඉල්ලා ඇති බව සඳහන් ය.එමෙන්ම ෂින්ඩේ පාර්ශ්වය එක් කැබිනට් තනතුරක් ඉල්ලා ඇති අතර මහ මැතිවරණයේදී මේ පක්ෂයට ආසන හතක් හිමිව තිබේ.මේ සියලු ඉල්ලීම් නිසා මෝදිට ඉදිරි පාලන කටයුතුවලදී අසීරුතාවලට මුහුණ දීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි..

කාලීන පුවත්