සන්නස්ගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

මේ දිනවල ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික තරුණ අරගලයේ පෙර ගමන් කරුවකු වන සුප්‍රකට උපකාරක පන්ති ආචාර්ය වරයකු සහ ලිබරල්වාදී දේශකයකු,ලේඛකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට සහ ශ්‍රීනාත් චතුරංග මහතාට ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කොට ඇත.ඒ 2018 වසරේ අගෝස්තු මාසයේ බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව ය.ශ්‍රීනාත් චතුරංග මහතා මෙම ග්‍රන්ථයේ කර්තෘ වරයා වන අතර එහි ප්‍රකාශන කටයුතු කොට ඇත්තේ සන්නස්ගල මහතා විසිනි.

කාලීන පුවත්