රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම සඳුදා සිට දිවයින පුරාම ප්‍රවාහනය අඩාළ වන බව දැනගන්නට ඇත.
බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා (04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ වන විට උග්‍ර වී තිබේ.
ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇතැයි දැනගන්නට ඇත.