ලබන සඳුදා(11) සිට දුම්රිය ප්රවේශ පත්ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව මෙතෙක් රුපියල් 10ක් ව තිබූ අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.නමුදු එම ගාස්තු ඉහළ දැමීම බස් ගාස්තුවෙන් 40% ප්රතිශතයකට සීමා වනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.