සබරගමු පළාතේ තැන් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

මේ දිනවල දිවයිනට බලපවත්වන නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනුයේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.මෙ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, කලවාන, පැල්මඩුල්ල සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.

කාලීන පුවත්