පවතින දරුණු නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම යන හේතු මත සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි උත්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි බල උත්පාදනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. මෙම තත්වය හේතුවෙන් සමනළ වැව ජලාශයෙන් ජාතික විදුලි පද්ධතියට එකතු වන මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණය අහිමිවන අතර ඒ අනුව පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 100 ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිතය.එසේ අහිමිවන විදුලි ප්‍රමාණය සපුරාගැනීමට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.