සමාජ ජාල කරුවන් පොට වරදවා ගත් වයික්කාලේ කෝච්චි කතාව

මහා මාර්ගයක් හරහා දුම්රියක් නවතා තිබිය දී එහි එන්ජිමෙන් බැස ගත් අයකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින අතර එම දර්ශන වලින් දුම්රිය මහා මාර්ග හරහා වැටී ඇති හරස් මාර්ග වල නවතා රියැදුරන් තේ කඩ ගාණේ යන බවට වැරදි මතයක් සමාජ ගත වනු දක්නට ලැබේ.එම වීඩියෝව සම්බන්ධ සත්‍ය කරුණ නම් අදාළ දුම්රිය කට්ටලය නවතා තිබෙන්නේ පුත්තලම් මාර්ගයේ වයික්කාල දුම්රිය ස්ථානයේ වීම ය.වයික්කාල දුම්රිය වේදිකාව කුඩාවීමත් එම මගී දුම්රිය වැඩි දිගකින් යුක්තවීමත් හේතුවෙන් එහි එන්ජිම කොටස පුත්තලම – කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වන්නට සිදු වීම ස්වභාවික ය.එම අවස්ථාවේ රිය සහායක වරයා දුම්රිය එන්ජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසළකින් කෑමට යමක් මිලදී ගෙන යළි නැවත හනික දුම්රිය එන්ජිමට ඇතුළු වෙනවාත් සමගම,රියැදුරු තැන යළි දුම්රිය ධාවනය ආරම්භ කරනු දක්නට පුළුවන. අප රටේ නිතර සිදුවන සමාජ ජාල මඟින් වැරදි තොරතුරු සන්නිවේදනය වීම සම්බන්ධ තවත් එක් ආසන්නතම නිදසුනක් සේ මෙම වීඩියෝව දැක්විය හැක.

කාලීන පුවත්