සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විදේශ විනිමය වශයෙන් උපයන ඩොලර් මුදල් සඳහා 15%ක බදු මුදලක් අය කර ගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.ඔහු සඳහන් කළේ, මීට පෙර ඔවුන්ට 15%කට වඩා වැඩි බදු මුදලක් යෝජනා වී තිබූ බවයි.කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමිනි.රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉතාම සීමිත බදු ප්‍රමාණයක් අය කරගන්නා පසුබිමක ජනතාවට විශාල බරක් නොපටවා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම පිණිස මෙම තීරණය ගත් බව ද ඇමති වරයා කීය.