සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු වාර්තා අනුව 2014 – 18 කාල පරිච්ඡේදයේදී සිදුව ඇතැයි කියන වංචා 15 කින් රුපියල් කෝටි හයකට වැඩි මුදලක්ද 2019 සිට 2023 පෙබරවාරි දක්වා සිදුවී ඇතැයි කියන වංචා 92 කින් රුපියල් කෝටි 17ට වැඩි මුදලක්ද පාඩු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ගනුදෙනුකරුවන්ගේ කටයුතු අතින් කිරීමේදී සිතාමතාම කරන වැරදි සහ මූල්‍ය වංචා අවම කර කරගැනීමට අපේක්ෂා කළද එම වංචාවල අඩුවක්වී නැතැයි එම වාර්තාවේ දැක්වේ.