සරසවි සේම වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ නව වැඩ පිළිවෙල ලබන වසරේ

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සේම වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීම අතිශය වැදහත් බවත් ඒ සඳහා වන නව වැඩ පිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට පැවරෙන බව ද සඳහන් කළේය.වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය මේ වන විට පළවි තිබෙන බවත් මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බවත් ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාතික ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ (NSBM හරිත සරසවිය) 2023 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (11) පෙරවරුවේ එක් වෙමිනි.

කාලීන පුවත්