සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට රජයට සැබෑ උවමනාවක් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ උවමනාවක් නොමැති බව එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.වත්මන් රජයේ අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව නිවේදනයක් නිකුත් කරමින් පවසන මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කිසිඳු එකඟතාවකින් තොරව මන්ත්‍රීවරුන් හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ සිය පක්ෂය යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ උවමනාවක් නොමැති බවයි.

කාලීන පුවත්