සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට උපාධිය තෙක් වෘත්තීය පාඨමාලා

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන අසූ දහසකට (80,000) අධික සිසුන්ට උපාධි ලබාගැනීමේ අවස්ථාව තෙක් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමේ අධ්‍යාපන අමාත්‍යාංශ සැළසුමක් තිබේ. ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යයනය හා වෘත්තීය අධ්‍යයනය වශයෙන් ඛාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කිරීමට යෝජනා වී තිබේ. ශාස්ත්‍රීය අධ්‍යයනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

කාලීන පුවත්