සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාග උත්තර පත්‍ර සමීක්ෂණ දීමනා ඉහළට

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයක් ලෙස ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී තිබේ.ඒ අතර එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.තවද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතය.මේ අතර 2022 වර්ෂයට වඩා 2024 වර්ෂය වන විට අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය අභ්‍යාස පොත් හා උපකරණ මිල අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බව ද පැවසෙයි.

කාලීන පුවත්