සාමාන්‍ය පෙළ අද සිට

සාමාන්‍ය පෙළ අද සිට 2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(29) ආරම්භ වන අතර ජූනි මස 08 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට නියමිතය.පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය පනස්දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් හැත්ත්තෑ අට දහස් එකසිය පස් දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටින සිතිති.ඒ සඳහා විභාග මධ්‍යස්ථාන ගණන 3,568ක්. ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් මෙවර විභාග රාජකාරී සදහා යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.විභාග මධ්‍යස්ථානයට යන විට තම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා සුදුසු අනන්‍යතා පත්‍රයක් රැගෙන යන ලෙසත් විභාගයේ කාලසටහන සම්බන්ධයෙන් සිසුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් පවසන විභාග කොමසාරිස් ජනරාල් වරයා විභාග ප්‍රවේශපත්‍රයත් සමඟ ඇති කාලසටහන හැර වෙනත් කිසිඳු කාලසටහනක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ලෙස ද සිසුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කාලීන පුවත්