දිවයිනේ සියලු පාසල්වල අ පො ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති කඩිනමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටී. ඊට සමගාමීව එම දරුවන් එන්නත් කිරීමේ කටයුතු ද කඩිනම් කර තිබෙ.
කොවිඩ් වසංගතයත් සමග වසා දැමුනු පාසල් ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය පසුගියදා තීරණය කළේය. එහි පළමු පියවර ලෙස සිසුන් 200 ට අඩු පාසල් ඉකුත් 21 වැනිදා විවෘත කෙරිණි. සියලු පාසල්වල කණිෂ්ඨ අංශය ඊයේ(25) ආරම්භ කෙරුණේ එම වැඩපිළිවෙලේ දෙවන පියවර ලෙසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් දෙමව්පියන් ද තම වගකීම් ඉටු කරන්නේ නම් පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂ්ම ක්‍රියාත්මක කළ හැක බව අධ්‍යාපන ලේකම්වරයා කීවේය.