සැඩොල් තරුණියක වූ අශෝකමාලාව විවාහ කර ගැනීම නිසා රජකම අහිමි කර ගත් දුටුගැමුණු රජතුමන්ගේ එකම පුතු වන සාලිය කුමරුන් ගැන අපි අසා ඇත්තෙමු.
එහෙත්, එසේ රජකම අහිමි වූ පසු තමන් රජ මැදුරේදී භුක්ති විඳි සියලුම යස ඉසුරු ද සහිතව සාලිය කුමරු අශෝකමාලා ද සමඟ දීග කෑ බවට ජන සම්මත කඳුයාය හැඳින්වෙන්නේ ගල්ගිරියා කන්ද නමිනි.
අතීත පුරාවෘත වලට අනුව දුටුගැමුණු රජ පුත් සාලිය, අශෝකමාලා සමඟ ජීවත්ව ඇත්තේ ගල්ගිරියා කන්ද හා ඒ ආශ්රිත ගම්මාන වල ය.ගල්ගිරියා කන්ද සම්බන්ධ මෙවන් කතා ප්‍රවෘත්තියක් පිළිබඳ කිසිදු මූලාශ්‍රයක් වංශ කතා ආදියෙන් නොලැබේ. නමුදු අනුරාධපුර මුල් යුගයේ සිට යෝගාවචර භික්ෂුන් වැඩ සිටි බව එහි ඇති ඉපැරණි ශිලා ලේඛණ මගින් මනා සේ තහවුරු වෙයි.ක්‍රි.පූ තුන් වන සියවසේ පමණ සිට ලියැවුණු බ්රාහ්මී ලෙන් ලිපි ගණනාවක් ගල්ගිරියා කන්දේ වනගහණය තුළ තිබේ.මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් ලංකා ශිලා ලේඛන සංග්‍රහයට ඒවා එක් කොට ඇත්තේ කදුරුවැව ශිලා ලේඛන ලෙසිනි.
මෙය පිහිටා ඇත්තේ වයඹ පලාතට කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ගම්මානය ආශ්‍රිතව ය . මෙය උසින් වයඹ පලාතේ හත්වැනි ස්ථානයත්. ශ්‍රී ලංකාවේ 212 වන ස්ථානයත් හිමිකර ගනී . එය උස මීටර් 478කි. අඩි 1568 කි. දිගින් කිලෝමීටර් 7ක් පමණ දිගය.අතීත පුරාවෘත වලට අනුව දුටුගැමුණු රජ පුත් සාලිය, අශෝකමාලා සමඟ ජීවත්ව ඇත්තේ ගල්ගිරියා කන්ද හා ඒ ආශ්රිත ගම්මාන වල ය.ගල්ගිරියා කන්ද සම්බන්ධ මෙවන් කතා ප්‍රවෘත්තියක් පිළිබඳ කිසිදු මූලාශ්‍රයක් වංශ කතා ආදියෙන් නොලැබේ. නමුදු අනුරාධපුර මුල් යුගයේ සිට යෝගාවචර භික්ෂුන් වැඩ සිටි බව එහි ඇති ඉපැරණි ශිලා ලේඛණ මගින් මනා සේ තහවුරු වෙයි.ක්‍රි.පූ තුන් වන සියවසේ පමණ සිට ලියැවුණු බ්රාහ්මී ලෙන් ලිපි ගණනාවක් ගල්ගිරියා කන්දේ වනගහණය තුළ තිබේ.මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් ලංකා ශිලා ලේඛන සංග්‍රහයට ඒවා එක් කොට ඇත්තේ කදුරුවැව ශිලා ලේඛන ලෙසිනි.කදුරුවැව යනු ගල්ගිරියා කන්ද පාමුල පිහිටි සොඳුරු ගම්මානයකි.ඒ කෙසේ හෝ ගල්ගිරියා කන්ද පාමුල ගම්මාන 136 ක් ඇතැයි කියනු ලැබේ.
එසේම ගල්ගිරියා කන්දේ සාලිය අරම නම් පැරණි ආරාමයක් ඇත. අශෝකමාලා ද සමඟ අප්‍රකට ලෙස දිවිගෙවා ඇත්තේ එම කන්දේ පිහිටි මාලිගයකැයි ජනප්‍රවාදයන් හි
සඳහන්ය.ඒ සඳහා වන සජීවීමත් නිදසුනක් වනුයේ ගල්ගිරියා කන්ද වන ගහණය තුළ අදටත් ඉඳ හිට උද්‍යාන බෝග දක්නට ලැබීම ය.එමෙන්ම ගල්කිරියා කන්දේ ඉහළ කොටස සිසිල් දේශගුණයෙන් යුතු අතර එහි ඇතැම් කොටස් වල කුරු ගස් ද දක්නට ලැබේ.ඒ සුළඟේ බලපෑම නිසා ය. ගැමි වහරෙහි දැක්වෙන අන්දමට එම මාලිගය සම්බන්ධ අසූ කෙලක මහ ධන නිධානයක් මේ කන්දේ ගල්ලෙන් තුළ තිබේ. ඒ නිදන් වස්තූන් ඇති අඩවියට යන විට මිනිසුන් බිය වද්දවමින් ඒවා රකින්නෙක් ද ඇත. ඒ බහිරව දේවතාවා ය. ගල්ගිරියා කන්දට යන ගැමියනට ඒ බහිරව දේවතාවා නගන අද්භූත ශබ්ද නොඅඩුවම ඇසෙයි. එමෙන්ම ඔවුන් හමුවේ නාගයන්ගේ අලි ඇතුන් හා වග වලසුන්ගේ අද්භූත රූප ද මැවී මොහොතකින් නොපෙනී යයි. ඒ සියල්ල ද බහිරව දේවතාවුන් වහන්සේ ගේ හපන්කම්ය.
ගල්ගිරියා කඳු පාමුල පෞරාණික ගම්මාන රැසක් පිහිටා තිබේ. එහි ඇති ඉපැරණි ගැමි ශිෂ්ටාචාරය ඉතිහාසඥයන් මවිත කරවන සුළු ය.
අනුරපුර මුල් යුගයේ සිට මහනුවර යුගය දක්වා වන සියවස් පහළොවකට වැඩි ශිලා කර්මාන්ත ශ්‍රී ලංකාවේදී දැකිය හැකි දුලබ ස්ථාන කිහිපයක් ගල්ගිරියා කන්ද පාමුල තිබේ. ඉන් වැදගත් තැනක් ලෙස දිවුල්ගනේ ගමෙහි ඇති පන්සල හඳුනා ගත හැක. එහෙත් එය පාදා ගැනීමට පොඩි පරහක් මතුව තිබේ. එනම් ඒ ශිෂ්ටාචාරය ගැන අපේ වංශ කතාවල කරුණු සඳහන් නොවීමය. අපේ රජ දරුවන්ගේ සත් අසත් ගුණ ගැන මනා සේ විස්තර කළ වංශ කතා කරුවන් එවකට අප රටේ පුංචි මිනිසුන් කළ කී දේ ගැන සොයා නොබැලුවේ ඉන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැති නිසා යැයි සමහරෙක් කියති.
එහෙත් එනිසාම වංශ කතා මූලාශ්‍රවලට ගොනු නොවන අපේ අතීත ශ්‍රී විභූතිය මෙලෙස පණ පිටින් වැළලෙන්නට හැරීම සාහසික අපරාධයකි. අනුරපුර පොළොන්නරු රාජධානිවල රජකම්කළ රජ දරුවන් මහ වැව් තනද්දී එකල විසූ සාමාන්‍ය ජනයා රාජ්‍යත්වයට අත නොපා සුළු වැව් තනා ගත්හ. ගල්ගිරියා කඳු පාමුල ඇති ගම්මාන ආශ්‍රිතව එවන් ගම්වැව් රැසක්ම ඇත. එහෙත් එහි විස්මය එය නොවේ. මේ කුඩා වැව් එකි`නෙක සම්බන්ධ වන අභ්‍යන්තර ජලා පවහන පද්ධතියක් තිබීමය.එය එල්ලංගා පද්ධතියකි. එල්ලංගාවක් යනු කඳු නිම්න මුදුනක සිට පහළට ගලා යන ජල පහරක් කේන්ද්‍ර කරගත් වැව් සමූහයක් සහිත භූමි කලාපයකි. මේ එල්ලංගාවේ ප්‍රධාන ඇල දොල හා සම්බන්ධව ඇල මාර්ග නිම්න හරහා ගලා එන අතර ඒවා හරස් කොට බැඳි වැව් දක්නට තිබේ.මෙහි පැතිරීම ගහක අත්තක් මෙනි. වලයාකාර, රේඛීය හා අවානාකාර වශයෙන් එල්ලංගා වර්ග හතරක් පමණ මේ වන විට හඳුනාගෙන තිබේ.එමෙන්ම මෙතෙක් හඳුනා නොගත් ව්‍යුහයන් මෙතෙක් ඇතැයි ද කියන්නු ලැබේ. මෙම එල්ලංගාව ජල කළමණාකරණ පද්ධතියක් සහිත භෞතික වපසරියක් පමණක් නොවේ.ඒ හා බැඳුණු සමාජ, සංස්කෘතිය හා ආර්ථික සහසම්බන්ධතා රාශියකි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු අපේ අතීත ශිෂ්ටාචාරයේ විසූ ‘දියාලුවා’ නම් වාරි ඉංජිනේරුවා ගැන මුල්වරට ලොවට කරුණු ගෙන හැර පෑහ. ඒ අනුව මේ දියාලුවෝ රජුනට පමණක් සේවය කළාහු යැයි බොහෝ දෙනෙක් සිතූහ. නමුත් එය ඉඳුරාම වැරදි අදහසක් බවට ගල්ගිරියා කන්ද ආශ්රිත වැව් පද්ධතිය කදිම නිදසුනකි.
අනුරපුර යුගයට අයත් විශිෂ්ටතම වාරි ඉංජිනේරු ලක්ෂණ මෙම ගම් වැව් පද්ධතියේ ඇත. ඒවායෙහි නටබුන් තවම ජීවමාන බැවින් මේ කතාවල සැබෑ බොරු
බව අද වුවත් ඕනෑම කෙනකුට විමසා බැලිය හැක. අනුරපුර යුගයේ ගම් වැව් පද්ධතියක් මෙතරම් දියුණු වාරි ඉංජිනේරු ලක්ෂණ පළ කරනුයේ එකල ඉංජිනේරු වෘත්තිය ගම් මට්ටම දක්වා ව්‍යාප්තව පැවති නිසා බවට සැක නැත.
ගල්ගිරියා කඳුපාමුල පිහිටි මේ සුපෝෂිත අතීත ශිෂ්ටාචාරය මේ වන විට මුළුමනින්ම පාහේ වැනසී ගොසිනි. අතීතයේ ඉතා සිසිල් දේශගුණයකින් යුතුව තිබූ බවට අනුමාන කළ හැකි එම පෙදෙස දැන් වසරින් වැඩිම කාලයක් නියඟයෙන් බැට කන කුරු කනකු බවට පත්ව ඇත. ඊට හේතුව චිරාත් කාලයක් මුළුල්ලේ පැවැති වැව් පද්ධතිය ජරාජීර්ණ වීමය. මෙම ගම්මානවල දැකිය හැකි වැව් අද නගරයේ සටකපට වෙළෙඳුන් විකුණන මීකිරි හට්ටි මෙනි. හට්ටිය ලොකුවට පෙනුණ ද මී කිරි තට්ටුව ඉතා තුනීය. ඝන ලෙස ඇත්තේ කිරි හට්ටියේ මැටි තට්ටුවය.
ගල්ගිරියා කඳු පියස ආශ්‍රිතව ලැබෙන දියවර සම්පත රඳා ගැනීමට තරම් එම වැව් පද්ධතිය පොහොසත් නොවීම මත සුළු වැස්සකදී වුව ඒ වැව් පිටාර ගලයි. ඊළඟට සිදුවන්නේ ඉතා සුළු ඉඩෝරයකදී වුව ඒවා පහසුවෙන් සිඳීයාමය.ඒ කෙසේ හෝ සොබා දහමට පරිසරයට සැබැවින්ම ආදර කරන සේම ඉතිහාසය පුරා විද්‍යාව සේම මානව විද්‍යාව ඇසුරින් පර්යේෂණ මෙහෙයවන්නවුන්ට ඒ සඳහා ගල්ගිරියා කන්ද තරම් ඔබින තවත් බිම් කඩක් මෙරටින් හමුවීම ද දුලබ කරුණක් මය.
ගල්ගිරියා කඳුපාමුල පිහිටි මේ සුපෝෂිත අතීත ශිෂ්ටාචාරය මේ වන විට මුළුමනින්ම පාහේ වැනසී ගොසිනි. අතීතයේ ඉතා සිසිල් දේශගුණයකින් යුතුව තිබූ බවට අනුමාන කළ හැකි එම පෙදෙස දැන් වසරින් වැඩිම කාලයක් නියඟයෙන් බැට කන කුරු කනකු බවට පත්ව ඇත. ඊට හේතුව චිරාත් කාලයක් මුළුල්ලේ පැවැති වැව් පද්ධතිය ජරාජීර්ණ වීමය. මෙම ගම්මානවල දැකිය හැකි වැව් අද නගරයේ සටකපට වෙළෙඳුන් විකුණන මීකිරි හට්ටි මෙනි. හට්ටිය ලොකුවට පෙනුණ ද මී කිරි තට්ටුව ඉතා තුනීය. ඝන ලෙස ඇත්තේ කිරි හට්ටියේ මැටි තට්ටුවය.
ගල්ගිරියා කඳු පියස ආශ්‍රිතව ලැබෙන දියවර සම්පත රඳා ගැනීමට තරම් එම වැව් පද්ධතිය පොහොසත් නොවීම මත සුළු වැස්සකදී වුව ඒ වැව් පිටාර ගලයි. ඊළඟට
සිදුවන්නේ ඉතා සුළු ඉඩෝරයකදී වුව ඒවා පහසුවෙන් සිඳීයාමය.ඒ කෙසේ හෝ සොබා දහමට පරිසරයට සැබැවින්ම ආදර කරන සේම ඉතිහාසය පුරා විද්‍යාව සේම මානව විද්‍යාව ඇසුරින් පර්යේෂණ මෙහෙයවන්නවුන්ට ඒ සඳහා ගල්ගිරියා කන්ද තරම් ඔබින තවත් බිම් කඩක් මෙරටින් හමුවීම ද දුලබ කරුණක් මය.
හේමන්ත රන්බණ්ඩාර