මේ වන විට පවත්නා දැඩි නියඟය නිමා වී මහ වැසි ඇද හැලේවාය යන පැතුම මුල් කොට ප්රදේශයේ ගොවි ජනතාව සංවිධානය කළ වැසි පිරිත සහිත විශේෂ පිරිතක් ඊයේ(09)උඩ මේ වන විට නියඟයෙන් සිඳී යමින් පවතින වලවේ ජලාශ මස්තකයේ දී දී පවත්වන ලදී.මෙහි දී භික්ෂූන් වහන්සේ ලා විසින් එම පිරිත් සජ්ජායනා කරනු ලදුව ප්රදේශ වාසීන් විසින් උන් වහන්සේලාට දානය ද පිළිගන්වන ලදී.මේ අතර මේ වන විට දිවයිනේ ප්රදේශ කිහිපයකට වැසි ලැබෙමින් පවතින අතර ගාල්ල දිස්ත්රික්කයේ උතුරු අර්ධයේ ප්රදේශ ගණනාවක් ද ඒ අතර වෙයි.