සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළට ආනයනික සහ දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ.ඒ අනුව මෙතෙක් රුපියල් 1850 ක්ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් වේ.මෙම තත්වය යටතේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ඉදිකිරීම් කටයුතු සැළකිය යුතු පසුබෑමකට ලක් වන අතර ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ දෙනකුගේ ජීවන මට්ටම තව දුරටත් පහළ බසිනු ඇත.