සියඹලාපිටිය යළි ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් නැවත නියෝජ්‍ය කතා නායක ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පදවියක් හොබවන තමන් නිර්පාක්ෂික තනතුරක් වන නියෝජ්‍ය කතා නායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඡන්ද වලින් බලයට පත්වීම සදාචාරාත්මක නොවන බව පවසමිනි.රංජිත් සියඹලාපිටිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

කාලීන පුවත්