සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02) කොළඹට කැඳවයි

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02) කොළඹට කැඳවා ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම කැඳවීම සිදු කර තිබෙන බවයි වාර්තා වෙයි.

පොලිස්පතිවරයෙකු නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී රාජකාරී කළ යුතු ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත

කාලීන පුවත්