සිරි දළදා වන්දනා පෝලිම්වල ගැටුම් මතු කළේ විපක්‍ෂයේ අයයි

පසුගිය දිනවල සිරි දළදා වන්දනාවේ පෝලිම්වල ගැටුම් නිර්මාණය කරන ලද්දේ විපක්‍ෂයේ පිරිස් විසින් බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේග මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවකදී ය.”වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම් පෝලිමේ කෑ කෝ ගහන්නෙ, ගහගන්නෙ නෑ.ඔය ඔක්කොම කළේ කවුද දන්නවද? සජිත්ගේ ගෝලයෝ, රාජපක්ෂ ගෝලයෝ, වික්‍රමසිංහ ගෝලයෝ .සුදු ඇඳලා පෝලිමේ තැනින් තැනට පන්සීයක් දැම්මා.දාලා අර අහිංසක ජනතාව අතරට ගිහින් අතන වැසිකිලි නෑ. අතන කුණු.කියලා සුළු සුළු සිද්ධි ටිකක් ලොකු ලොකු සිද්ධි කරලා මේ ඔක්කෝම අවුල් කරන්න බැලුවා” යනුවෙන් ද ඒ මහතා කීය.

කාලීන පුවත්