සීගිරිය අවට ත්‍රිරෝද ගාස්තු සහ සංචාරක මඟ පෙන්වීමේ ගාස්තු විධිමත් කෙරෙයි

සීගිරිය අවට සංචාරකයින් ගමන් ගන්නා ත්‍රිරෝද රථවල ගාස්තුවල විධිමත් භාවයක් නොමැති බව අනාවරණය වී ඇති බැවින් ඒවා නියාමනය කිරීමට කටයුතු යොදා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි. සීගිරියේ සංචාරක කටයුතු ප්‍රමිතිගත කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර යටතේ හා සංචාරක මඟ පෙන්වන්නට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතව තිබේ. ඒ අතර සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි හතරක මුදලක් අනුමත කර ඇති අතර, එම මුදල් ලබන මාසයේ දී මෙරටට ලැබෙනු ඇති බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බව ද පැවසෙයි.

කාලීන පුවත්