සීතාවක රාජසිංහ චරිතය යළි විමසා බැලිය යුතුයි

එඩිතර සහ දේශප්‍රේමී පාලකයකු වූ වන සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විමර්ශනයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.”රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන් රාජසිංහ රජතුමා ඉතිහාසයෙන් අමතක කර තිබෙනවා. සටන් දිනූ අය පසෙකලා සටන් පැරදුණ අය වීරයන් කළ ඉතිහාසය පිළිබඳ යළි සිතා බැලිය යුතුයි” යනුවෙන් ද ඔහු පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවති “සීතාවක – සිසු අරුණලු” වැඩසටහනට එක්වෙමිනි.මෙම සියලු පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මඟින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙ‍ෙනකු වෙත පාසල් උපකරණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

කාලීන පුවත්