සීනි බද්ද ශත 25 දක්වා පහත දැමීමෙන් රජයට අහිමි වූ බිලියන 16ක මුදලට අදාළ බදු අයකර ගැනෙයි 2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා පහත දැමීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබානොදී ආනයනකරුවන් තමන් සන්තකයේ තබා ගැනීමෙන් රජයට අහිමිවූ ආදායම රුපියල් කෝටි 1776ක් ලෙස ගණන් බලා තිබේ.එසේ ආදායම් රඳවා ගත් සමාගම් 10ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45% ක් ආනයනය කර ඇති බව සඳහන් ය.